31.1 C
Colombo
Wednesday, March 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalබිරිඳගේ දොළදුක නිවන්න කොස් ගෙඩියක් කැඩූ තරුණයෙක් පිහි පහරින් ජීවිතක්ෂයට

බිරිඳගේ දොළදුක නිවන්න කොස් ගෙඩියක් කැඩූ තරුණයෙක් පිහි පහරින් ජීවිතක්ෂයට

ඇල්පිටිය ප්‍රදේශයේදී කොස් ගෙඩියක් කඩාගත් පුද්ගලයෙකු පිහියකින් ඇන ඝාතනය කර තිබේ.

සිය ගර්භණී බිරිඳගේ කුසගිනි නිවීම සඳහා සිය ඉඩම මායිමේ ඇති කොස් ගසකින් ගෙඩියක් කඩා ගෙන ඇති අතර එම අවස්ථාවේ අසල්වැසියෙකු සමග ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් එම අසල්වැසියා කොස් ගෙඩිය කඩාගත් පුද්ගලයාට පිහියකින් පහර දී තිබේ.

බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා ඇල්පිටිය රෝහලට රැගෙන යමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇත.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 34 හැවිරිදි ඇල්පිටිය, පිටුවල මාර්ගයේ 2 කනුව ප්‍රදේ⁣ශයේ පදිංචි එක්දරු පියෙකි.