27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalමිලියන 32කට ආසන්න මත්පෙති රේගු භාරයට

මිලියන 32කට ආසන්න මත්පෙති රේගු භාරයට

රුපියල් මිලියන 32 කට ආසන්න මත්ද්‍රව්‍ය හා මත්පෙති තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී රේගු භාරයට ගෙන තිබේ.

රේගුව සඳහන් කළේ, පාර්සල් අටක් පරීක්ෂා කිරීමේදී එම මත්ද්‍රව්‍ය සොයා ගත් බවයි.

බ්‍රිතාන්‍ය, කැනඩාව, ජර්මනිය යන රටවල සිට කොළඹ, ගම්පහ සහ මහනුවර ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ගේ ලිපිනවලට අදාළ පාර්සල් යොමු කර තිබුණි.

අනතුරුව කළ සොයා බැලීමේදී ඒවා ව්‍යාජ ලිපිනයන් බව තහවුරු වී ඇතැයි රේගුව සඳහන් කළේ ය.

කුෂ් නැමති ගංජා ග්‍රෑම් 1590ක් සහ මත්පෙති 601 ක් එම පාර්සල්වල තිබී සොයාගෙන තිබේ.

වැඩිදුර විමර්ශන සඳහා ඒවා භාරදී ඇත්තේ , පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයටයි.