30 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකබ්රාල් පාර්ලිමේන්තුව නොසලකා හැරීම ගැන අප්‍රසාදයෙන්

කබ්රාල් පාර්ලිමේන්තුව නොසලකා හැරීම ගැන අප්‍රසාදයෙන්

රටේ පවතින වත්මන් ආර්ථික තත්ත්වයට අදාළව කරුණු විමසීම සඳහා රජයේ මුදල් කාරක සභාව හමුවට ඊයේ මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන් කැඳවා තිබුණත්, ඔවුන් එහි නොපැමිණීම පිළිබඳ කණගාටුව පළ කරන බව කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශ කළේය.

ඊයේ (24) රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එයට මහ බැංකු අධිපතිවරයා, එහි උසස් නිලධාරීන්, මුදල් මණ්ඩලයේ සාමාජිකයින්, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු කණ්ඩායමක් ඊයේ කැඳවා ඇති නමුත් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගලට ලෝක බැංකුව සමඟ සාකච්ඡාවක් යෙදී ඇති බැවින් සෙසු සාමාජිකයින්ටද කාරක සභාවට සහභාගි වීමට නොහැකි බව දන්වා මහ බැංකුව ලිපියක් එවා තිබේ.

ඊයේ පැවැත්වූ රැස්වීම පසුගිය 21 වැනිදා කැඳවීමට නියමිතව තිබුණත් මහ බැංකු නිලධාරීන්ගේ ඉල්ලීම මත එය ඊයේ (24) දක්වා කල් දමා තිබේ. මහ බැංකුවේ මෙම ක්‍රියා කලාපය පාර්ලිමේන්තුවට සිදු කරන අගෞරවයක් බව මුදල් කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන්ගේ අදහසයි.