28.4 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන හිඟයට හේතුව සීමාව ඉක්මවා ඉන්ධන තොග රැස්කිරීමයි

ඉන්ධන හිඟයට හේතුව සීමාව ඉක්මවා ඉන්ධන තොග රැස්කිරීමයි

ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් රැගත් නෞකාවක් ඊයේ (24) මෙරටට පැමිණ තිබේ.

එම ඉන්ධන අද (25) ‍සිට වෙළෙඳපොළට නිකුත් කරන බව බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ පවසයි. ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 20,000 ක්ද මේ වන විට ගොඩ බා අවසන් කර තිබේ.

මේ වන විට රට තුළ ඩීසල් හිඟයක් පැවතියද අමාත්‍යවරයා ඒ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ පෙරට වඩා වැඩි ප්‍රමාණයක් ඩීසල් තොග නිකුත් කරමින් පවතින බවයි.

සීමාව ඉක්මවා ඉන්ධන් තොග රැස්කිරීම මෙම හිඟයට හේතුව වී ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.