― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමුස්ලිම් ජනතාවට බැසිල්ගෙන් සහනයක්

මුස්ලිම් ජනතාවට බැසිල්ගෙන් සහනයක්

ඉදිරියේදී ආරම්භ රාමසාන් උපවාස කාලයේදී මුස්ලිම් ජනතාවට සහන සැලසීම සඳහා රටඉඳි ආනයනය සඳහා දැනට ක්‍රියාත්මක කිලෝ ග්‍රෑමයකට රුපියල් 200ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දෙන් කිලෝ ග්‍රෑමයකට රුපියලක් පමණක් අය වන ලෙස එම බද්ද රුපියල් 199කින් අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් අද (28) සිට ක්‍රියාත්මක වන පරිදි 2007 අංක 48 දරණ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ 2273/01 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් මෙම නියෝගය නිකුත් කර ඇත.

එසේම ආනයන බලපත්‍ර ක්‍රමවේදය යටතේ රටඉඳි ආනයනය තහනම් කර ඇති බවට ගෙනයන ප්‍රචාරය අසත්‍ය බැවින් එමගින් මහජනතාවට වැරදි අදහසක් ඇතිකිරීමට කටයුතු කර ඇති බව පෙනී යන බව මුදල් අමාත්‍යාංශය පවසයි.