― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදියණියට අසැබි පණිවුඩ එවුවැයි තරුණයෙක් පැහැරගෙන

දියණියට අසැබි පණිවුඩ එවුවැයි තරුණයෙක් පැහැරගෙන

අඹුසැමි යුවළක් විසින් 16 හැවිරිදි සිසුවකු පැහැරගෙන යෑමේ සිද්ධියක් වේයන්ගොඩින් වාර්තා වෙයි.

ඔවුන් දෙදෙනා විසින් මෙම තරුණයා පැහැරගෙන යන අවස්ථාවේදී වේයන්ගොඩ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩවත ප‍්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් වන අතර අදාළ තරුණයාව පැහැර ගැනීමට භාවිතා කළ මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන තිබේ.

පොලිස් විමර්ශනවලින් අනාවරණයවී ඇත්තේ පැහැර ගැනීමට ලක්වූ සිසුවා විසින් සිය ජංගම දුරකථනය මගින් මෙම අඹුසැමි යුවළගේ දියණියට ජංගම දුරකථනයෙන් අසභ්‍ය පණිවිඩ යැවීම හේතුවෙන් තරුණයා පැහැරගෙන ඇති බවයි.

අදාළ තරුණයා සිය ජංගම දුරකථනය විකිණීමට ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීමක් පළ කර තිබෙනු දුටු සැකකාර දෙමාපියන් එම ජංගම දුරකථනය තමන්ට මිලදී ගැනීමට අවශ්‍ය යැයි පවසා සිසුවා වේයන්ගොඩ ප‍්‍රදේශයට ගෙන්වාගෙන පැහැර ගැනීම සිදුකර තිබේ.