25 C
Colombo
Thursday, February 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalවෑන් රථයක් ත්‍රී රෝද රියේ ගැටී දෙදෙනෙක් ජීවිතක්ෂයට

වෑන් රථයක් ත්‍රී රෝද රියේ ගැටී දෙදෙනෙක් ජීවිතක්ෂයට

අලව්ව – ගිරිඋල්ල ප්‍රධාන මාර්ගයේ මිරිහෙලිය ප්‍රදේශයේදී අද (28) සවස සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ත්‍රීරෝද රථයක් ලොරි රථයක් ඉස්සර කිරීමට යාමේදී ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි පාසල් වෑන් රථයේ ත්‍රීරෝද රථය මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රීරෝද රථයේ සිටි පුද්ගලයන් දෙදෙනක් එම ස්ථානයේදීම මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ අලව්ව උඩගන්කන්ද ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි සිරිනිමල් වික්‍රමසිංහ සහ 32 හැවිරිදි වියේ පසුවන ප්‍රියංකර සම්පත් යන පුද්ගලයන් දෙදෙනෙකි.

සිද්ෂිය සම්බන්ධයෙන් අලව්ව පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ විසින් සිදු කරනු ලබයි.