― political ―

මීයෝ අල්ලන්න නම් දත් තියෙන බළලෙක් ඉන්න ඕනේ – ජනපති

මීයෝ ඇල්ලීමට නම් දත් තිබෙන බළලෙකු සිටිය යුතු බවත් බළලාට දත් නැත්නම් තමාට බැන වැඳීමෙන් ඵලක් නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව...
HomeNewsලෝකයේ බිහිවූ දූෂිතම දේශපාලකයන් මෙන්න - ඔබත් දන්න කියන අය ඉන්නවද බලන්න..

ලෝකයේ බිහිවූ දූෂිතම දේශපාලකයන් මෙන්න – ඔබත් දන්න කියන අය ඉන්නවද බලන්න..

ලෝකයේ බොහෝ දියුණු නොදියුණු කවර රටක වුවත් දේශපාලනය යනු මඩ වගුරකි. එම වගුරේ නෙළුම් පිපෙනවාට වඩා පහසුවෙන් මඩ කරියන්ට ජීවිතය ගත කළ හැකිය. ඉතින් මේ මඩ වගුරේ එදා මෙදාතුර පහළ වූ දූෂිතම දේශපාලකයන් දස දෙනා ගැනයි මේ ලිපියෙන් අපි කතා කරන්නට සූදානම් වන්නේ,

පැනමා පේපර්ස් නිකුත් වීමෙන් පසු මේ කන්ඩායමට එක් වූ ලාබාලතම අගමැතිවරයා වූයේ අයිස්ලන්තයේ අගමැති සිග්මුන්ඩූර් ඩේවිඩ් ගුන්ලාග්සන් ය. 2016 පැනමා පේපර්ස් නිකුතුව සමග ඔහු මේ ලැයිස්තුවට එක්වූ අතර ඒ වනවිට ඔහු තනතුරේ නම් කටයුතු කරමින් සිටියේ නැත.

Iceland's PM resigns over Panama Papers scandal | The Times of Israel
අයිස්ලන්තයේ ලාබාලතම අගමැති සිග්මුන්ඩූර් ඩේවිඩ් ගුන්ලාග්සන්

Petro Oleksiyovych Poroshenko යුක්රේනයේ හිටපු ජනාධිපතිවරයා වේ. 2018 වසරේ ලෝකයේ දූෂිතම දේශපාලඥයින් 10 දෙනාගේ ලැයිස්තුවේ 9 වැනි ස්ථානයට ඔහු නිතරගයෙන්ම තේරී පත් වී තිබිනි.
ඔහු යුක්රේන ආර්ථිකය විනාශ කරන්නා ලෙස අනුවර්ථ නාමයකින් ද හැඳින්වේ. යුක්රේනයේ වගකීම් භාරයට අනුව, ඔහු ඩොලර් බිලියන 3 කට වඩා කොල්ල කෑ බව සඳහන් වේ.

Petro Poroshenko - President of Ukraine - European Leaders
Petro Oleksiyovych Poroshenko

උතුරු කොරියාවේ ජනාධිපති කිම් ජොන්ග් එක්සත් ජාතීන්ගේ දූෂිත දේශපාලඥයින් අතර අංක 8 ස්ථානයට පැමිණෙන්නේ හේතු රැසක් හේතුවෙනි.ඔහුගේ අත්තනෝමතික ඒකාධිපති වියරුව සමග ඔහුට මෙම ලැබුනු ස්ථානයට වඩා ඉදිරි ස්ථානයක් ලැබිය යුතු බව විටෙක ඔබට සිතෙනු ඇත.

Kim Jong-un admits North Korea facing a 'tense' food shortage - BBC News
Kim Jong UN

එක්සත් රාජධානියේ හිටපු අගමැතිවරයෙක් වන ඩේවිඩ් කැමරන් ද මේ ලැයිස්තුවේ ඇත.එංගලන්තය ගැන මහා ඉහලින් ගතු කීවද සුද්දන්ද ඉද හිට පීචන් වැඩ කරන බවට මේ හොදම උදාහරණයක්ය.

ඩේවිඩ් කැමරන් ධනවත්ම පවුලකට අයත් වුවද, දූෂණ චෝදනා කිහිපයක් ඇති අතර අක්වෙරළ සමාගමක් සම්බන්ධවද චෝදනා රැසක් ඔහුට ඇත.

David Cameron quits job after allegations against company's founder - BBC  News
එක්සත් රාජධානියේ හිටපු අගමැතිවරයෙක් වන ඩේවිඩ් කැමරන්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති Khalifa bin Zayed bin Sultan Al Nahyan ලොව දූෂිතම දේශපාලනඥයන් අතර අංක 5 ස්ථානයේ රැදී සිටී. පැනමා පේපර්ස් වලට අනුව භාණ්ඩාගාරය අවභාවිතයෙන් ඩොලර් බිලියන 150ක පමණ වත්කම් ඔහු විසින් උපයා ඇත.

කෙසේ නමුත් මැදපෙරදිග හිස ගසා දැමීම් වැනි නීති මෙම දූශිතයන්ට නම් ක්‍රියාත්මක වන හැඩක් අපට නම් පෙනෙන්නට නැත.

Khalifa bin Zayed Al Nahyan Biography - Facts, Childhood, Family Life &  Achievements of President of the UAE
Khalifa bin Zayed bin Sultan Al Nahyan

ආසියාවේ අභිමානය රැකගනිමින් නරේන්ද්‍ර මෝදි දූෂිතම දේශපාලකයන්ගේ ලැයිස්තුවේ අංක 5ට පැමිණ තිබේ. නවාස් ෂරීෆ්, පුටින් සහ සල්මාන් රජුගෙන් පසුව ඔහු ලෝකයේ දූෂිතම අගමැතිවරුන් අතර 4 වැනියා ලෙස සැලකෙන්නේ ද නරේන්ද්‍රන් සිං මෝදිය

PM Modi greets Mulayam on his 81st birthday, prays for his healthy life |  Latest News India - Hindustan Times
ආසියාවේ අභිමානය රැකගනිමින් නරේන්ද්‍ර මෝදි දූෂිතම දේශපාලකයන්ගේ ලැයිස්තුවේ අංක 5ට

Asif Ali Zardari පකිස්තාන ඉතිහාසයේ බිහිවූ බුද්ධිමත්, දක්ෂ නමුත් අතිශය දූෂිත දේශපාලනඥයෙකු ලෙස හැඳින්වේ. ඔහු ලෝක දූෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉහළම ස්ථානයේ සිටි නමුත් පැනමා පත්‍රිකා නිකුත් කිරීමෙන් පසු ඔහු වෙනුවට නවාස් ෂරීෆ් ඔහුගේ ස්ථානයට පත් විය.

කෙසේ නමුත් ඔහු පාකිස්තානයේ ධනවත්ම පුද්ගලයන්ගෙන් කෙනෙකි. සර්දාරිට බෙනාසීර් භූතෝ ඝාතනය කිරීමේ චෝදනාව ඇතුළු තවත් බොහෝ දූෂණ චෝදනා රාශියක් සහ බලතල අවභාවිතය පිළිබඳ චෝදනා බොහෝමයක් ඔහු ඉදිරියේ ලියැවී තිබේ.

Pakistan's Ex-President Asif Ali Zardari Hospitalised After Feeling Unwell:  Reports
Asif Ali Zardari බුද්ධිමත්, දක්ෂ නමුත් අතිශය දූෂිත දේශපාලනඥයෙකු ලෙස හැඳින්වේ

සෞදි රාජකීය රාජ්‍ය නායකයෙකු සහ දේශපාලනඥයා වන සල්මන් බින් අබ්දුල්අසීස් ලොව තුන්වැනි දූෂිතම දේශපාලනඥයා ලෙස නම් වී ඇත. ඔහු සෞදි අරාබියේ රජු, අගමැති, ශුද්ධ වූ මුස්ලිම් පල්ලි දෙකේ භාරකරු සහ සෞද් මන්දිරයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කර ඇත.

Saudi Arabia's King Salman, a ruler in a time of change - BBC News
Salman bin Abdulaziz

ලෝකයේ දෙවන දූෂිතම දේශපාලනඥයා ලෙස හැදින්වෙන්නේ ව්ලැද්මියර් පුටින් ය.මෙහි රසවත්ම කාරණාව ලෝකයේ බලවත්ම මිනිසා ලෙස ද නොනිල වශයෙන් හැදින්වෙන්නේ පුටින්ය

වඩාත් දූෂිතයා ලෙස හැඳින්වේ. රුසියාවේ තුන් වරක් අගමැති ලෙස තේරී පත් වූ ව්ලැඩිමීර් පුටින්, 2012 සිට රුසියාවේ ජනාධිපති වේ. ඔහුගේ වෘත්තීය ජීවිතය පුරාවටම ඔහුට ඉහලින් කිසිවෙකුගේ අනුමැතියක් ලබා ගැනීමට නොවුනු නිසා ලොව බලවත්ම නායකයන් අතර පුළුල් ජාත්‍යන්තර අවධානයට ලක් විය.

This is not the time to brand Vladimir Putin an 'evil madman' |  Russia-Ukraine war | Al Jazeera
දෙවන දූෂිතම දේශපාලනඥයා ලෙස හැදින්වෙන්නේ ව්ලැද්මියර් පුටින් ය

ආසියාවටම ආඩම්බරයක් එක් කරමින් පකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් මේ වන විට ලොව දූෂිතම දේශපාලනඥයා ලෙස ශ්‍රේණිගත කර ඇත. පාකිස්තානයේ ඡන්දයෙන් තුන් වතාවක් තේරී පත් වූ අගමැති නවාස් ශ්‍රීෆ් පාකිස්තානයේ ධනවත්ම පුද්ගලයන්ගෙන් කෙනෙකි. ඔහුගේ ප්‍රසිද්ධියේ හෙළිදරව් කරන ලද ශුද්ධ වටිනාකම පකිස්ථානු රුපියල් 150 බිලියන (US$ බිලියන 1.4) පමණ වේ. ඔහු සහ ඔහුගේ පවුලට රට පුරා සහ විදේශයන්හි දේපළ වෙළඳාම්, වානේ කම්හල්, කර්මාන්තශාලා, සහල් මෝල්, පිටි මෝල් සහ සීනි කම්හල් රාශියක් ඇත.

Nawaz Sharif Will Return To Pakistan In 2021 & Assume PM's Office For 4th  Term, Says PML-N
ආසියාවටම ආඩම්බරයක් එක් කරමින් පකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් මේ වන විට ලොව දූෂිතම දේශපාලනඥයා ලෙස ශ්‍රේණිගත කර ඇත.

තවමත් මෙතනට පැමිණ නැති නමුත් ඉදිරියේදි පැමිනේවි යැ‍යි සිතෙන නම් තිබේ නම් පහතින් සටහන් කරන්න.අපි නැවත වතාවක් ලෝකය මේ වාර්තාව සකසන දිනයක ඔබ නම් ඇතුලත් වේදැයි බලමු.