29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalකෝටි 05ක අයිස් සමඟ පුද්ගලයෙක් පේසාලේදී අත්අඩංගුවට

කෝටි 05ක අයිස් සමඟ පුද්ගලයෙක් පේසාලේදී අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පේසාලේ ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 05කට ආසන්න බව තලෙයිමන්නාරම පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙන්වා ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.

පොලීසියට ලද තොරතුරකට අනුව සිදුකළ මෙම වැටලීමේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පේසාලේ ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04යි ග්‍රෑම් 885 මෙහිදී සොයාගෙන තිබේ.