31.7 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalගල්කිස්සේ ගණිකා නිවාස දෙකක් වටලයි

ගල්කිස්සේ ගණිකා නිවාස දෙකක් වටලයි

ගල්කිස්ස පොලිස් වසමේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස 02 ක් වටලා සැකකාරියන් 05 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර අත් අඩංගුවට ගත් සැකකාරියන් ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

මෙම සැකකාරියන් අවුරුදු 20 – 40 යන වයස්වල පසුවන මින්නේරිය, දෙනියාය, මහියංගනය, පාදුක්ක හා මනම්පිටිය ප්‍රදේශවල පදිංචිකාරියන් බව පොලීසිය පවසයි.

සැකකාරියන් අද (29) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.