23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalපානදුර ඝාතන සිද්ධියට අදාළ දෙදෙනෙක් අත්අඩංගුවට

පානදුර ඝාතන සිද්ධියට අදාළ දෙදෙනෙක් අත්අඩංගුවට

පානදුර, පින්වත්ත ප්‍රදේශයේ සංචාරක හෝටලයක වැසිකිළි වළක් තුළ තිබී තරුණියකගේ සිරුරක් අද (29) පස්වරුවේ සොයාගෙන තිබේ.

පානදුර අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු එන් සිල්වා ඉදිරියේ වැසිකිළි වළේ කොන්ක්‍රීට් පියන විවෘත කිරීමෙන් පසු සිරුර සොයාගෙන ඇති අතර මෙසේ සොයාගත් සිරුර කඩවත ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණියකගේ බවට තොරතුරු අනාවරණය වී තිබේ.

පානදුර කීල්ස් නිවාස සංකීර්ණ පාරේ පිහිටා ඇති අදාළ සංචාරක හෝටලයේ වැසිකිළි වළක් තුළ කාන්තා සිරුරක් ඇති බවට තොරතුරු ලැබුණු බව හෝටල් හිමිකරු විසින් පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව මෙම සිරුර සොයාගෙන ඇත.

වැසිකිළි වළේ තිබී කාන්තා අත් ඔරලෝසුවක්, ජංගම දුරකථන ආරෝපණයක්, උල් පිහියක්, කාන්තා පාවහන් යුගලයක්, උපත් පාලන කොපුවක්, තුවායක්, පාපිසක් සහ රෙදි කැබලි කිහිපයක්ද සොයාගෙන තිබේ.

අදාළ හෝටලයේ කළමණාකරු සහ හෝටල් සේවකයින් දෙදෙනෙක් ඊයේ (28) අලුයම හෝටලයෙන් පළාගොස් තිබූ අතර සේවකයින් දෙදෙනා මේ වනවිට අත්අඩංගුවේ පසුවෙයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල සහ බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 40 සහ 45 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.