වෛද්‍ය උපකරණ සහ ඖෂධ හිඟය හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සියලු ශල්‍යකර්ම තාවකාලිකව නතර කිරීමට පියවර ගත් බව එහි අධ්යක්ෂ, වෛද්‍ය අර්ජුන තිලකරන්ත ඊයේ (28) සඳහන් කළ නමුත් එම තීරණය අත්හිටුවීමට පියවර ගත් බව නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසයි.
රෝහලේ සිදුකරන ශල්‍යකර්ම සඳහා අවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලබාදීමට වෛද්‍ය සැපයුම් අංශය පොරොන්දු බව එම නිවේදනයේ දක්වේ.
එබැවින් දෛනික ශල්‍යකර්ම තාවකාලිකව අත්හිටුවීමට ගත් තීරණය ක්‍රියාත්මක නොකිරීමට තීරණය කළ බව ඔහු තවදුරටත් සඳහන් කළේය.