ශ්රී ලංකාව මේ වන විට ආර්ථික ප්රපාතයකට වැටී ඇති මොලයෙන් අඩක් හෝ යන්තමට වැඩකරන පුද්ගලයෙකුට තේරෙන බව අපි දනිමු. උදේට පෝලිමේ, දවල්ට හාමතේ, රෑට කලුවරේ දුක් විඳිනා අහිංසක මිනිසුන්ට ඉන් ගොඩ ඒමක් නම් පෙනෙන තෙක් මානයක නැත.
මෙම දේශපාලඥයාගේ පුත්රයා විසින් මෙරට සිටින ඉහළ පෙළේ ධනවත් ව්යාපරිකයෙකුගෙන් එම චිත්රය මිලදී ගෙන ඇති බවයි වාර්තා වෙයි. කෙසේනමුත් මෙම ප්රබල දේශපාලඥයා කවුරුන්ද යන්න අප නිශ්චිත වශයෙන් නොදන්නා නමුදු රට මෙතරම් අගාධයකට වැටී තිබෙන මෙවන් අවස්ථාවක එවැන්නක් කිරීම උචිත නැතැයි හය හතර නොතේරෙන කුඩා දරුවෙක්ට පවා තේරෙනු ඇතැයි අප විශ්වාස කරමු.
රටේ ප්රබල තනතුරක් දරන මෙම චිත්රය මිලදී ගත් පුද්ගලයාගේ පියාට නම් ජනතාවගේ දුක් කඳුළු පිළිබඳව අංශු මාත්රයක හෝ සංවේදීකමක් නැති බව මෙම කරුණින් මොනවට පැහැදිලි වෙයි.
ජනතාවගේ ඡන්දවලින්ම පාර්ලිමේන්තුවට තේරී පත්වී මෙවන් අහස පොළොව නුහුලන අපරාධ සිදි කිරීමට ඔවුන්ට ඉඩ දී අප තවත් ඇස් කන් පියා බලා සිටිය යුතුද? එය මදක් සිතා බලන්න…
කණගාටුවට කරුණ නම් එසේ නැවතී සිතා බැලීමටවත් අපට වේලාවක් ඉතිරි නැති වීමයි.. ඒ මන්ද යත් ඉක්මනින් මීලග ‘පෝළිම’ කරා දිව යෑමට අපට සිදුව ඇති නිසාවෙනි. එසේ නොකළහොත් අපට බඩගින්නේ මියැදෙන්නට පවා සිදුවිය හැකිය.