25.6 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalශ්‍රීලනිපය හරියට මාලු කනවද මස් කනවද කියලා කල්පනා කරන මීයා වගේ

ශ්‍රීලනිපය හරියට මාලු කනවද මස් කනවද කියලා කල්පනා කරන මීයා වගේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මාලු කනවද මස් කනවද කියලා කල්පනා කරන මීයා වගේ අන්තිමට බෙල්ල කැපිලා යනකම් දන්නේ නැති බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (28) රූපවාහිනී වැඩසටහනකට එක්වෙමිනි.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උඩ තනතුරු දරණ දෙතුන් දෙනෙක් හිතනවා ඒ තනතුරු අත්හරින්න ඒ අයට බෑ. ඒ ගොල්ලෝ තනතුරු අත්හරින්න එකඟ කර ගන්නකන් අනිත් අය එතන අල්ලගෙන ඉන්නවා.

එහෙම ඉන්න තාක්කල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැවැත්මක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කරන්න ඕන කොතනද හරියට හිට ගන්නේ කියලා. ඒ අයට අවස්ථාවක් තියෙනවා. ඕනනම් ආණ්ඩුවේ ඉඳලා වැනසෙන්න අවස්ථාව තියෙනවා.

අපි තමයි මේකේ ඉන්න ප්‍රභලයෝ කියලා තනියෙන් හිතන්නත් පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙලොවක් අතර ඉන්නේ. මාලු කනවද මස් කනවද කියලා කල්පනා කරන මීයා වගේ අන්තිමට බෙල්ල කැපිලා යනකම් දන්නේ නෑ.”