27.2 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessකොටස් වෙළඳපොළ නැවතත් බිඳ වැටෙයි

කොටස් වෙළඳපොළ නැවතත් බිඳ වැටෙයි

S&P SL20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 5% ක ප්‍රමාණයක් ඉක්මවා පහළ යාම හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ අද (30) දිනයේ දෙවන වරටත් කඩා වැටුණා.

කොටස් වෙළෙඳපොළේ දෛනික ගනුදෙනු අද පෙරවරු 10.30 ට ආරම්භ වුණත් මෙම කඩා වැටීම හේතුවෙන් එය පවත්වාගෙන යෑමට හැකිවුණේ මිනිත්තු 8 ක කාලයක් පමණි. 

මේ හේතුවෙන් ස්වයංක්‍රීයවම කොටස් ගනුදෙනු මිනිත්තු 30 ක කාලයක් සඳහා අත්හිටුවීමට සිදුවුණා.

ඒ අනුව පෙරවරු 10.38 ට කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අත්හිටුවනු ලැබූ අතර නැවත පෙරවරු 11.08 ට කොටස් වෙළෙඳපොළ ගනුදෙනු යළි ආරම්භ වුණා.

ඒ වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,288.91 ක් දක්වා ඒකක 358.64 කින් පහළ වැටී තිබුණු අතර S&P SL20 දර්ශකය ඒකක 3,153.33 ක් දක්වා ඒකක 184.70 කින් පහළ ගොස් තිබෙනවා.

මෙය පූර්ව දිනයට සාපේක්ෂව පිළිවෙලින් 3.72% ක් හා 5.53% ක කඩා වැටීමක් බවයි වාර්තා වන්නේ.

ඊයේ (29) දිනයේ ද කොළඹ කොටස් වෙළෙඳපොළ S&P SL20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 5% ක ප්‍රමාණයෙන් පහත වැටීම නිසා කටයුතු තාවකාලිකව බිඳ වැටුණා.