32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගෘහ සේවයට යවන මුවාවෙන් කාන්තාවන් ගණිකා ව්‍යාපාරවලට යොදවන ජාවාරමක්

ගෘහ සේවයට යවන මුවාවෙන් කාන්තාවන් ගණිකා ව්‍යාපාරවලට යොදවන ජාවාරමක්

මැද පෙරදිග රටවල ගෘහ සේවයට යවන මුවාවෙන් මෙරට කාන්තාවන් ගණිකා ව්‍යාපාර සඳහා යොදවන සංවිධානාත්මක තැරවුකාර ජාලයක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ පිළෛබඳව විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ඩුබායි රාජ්‍ය කරා පිටත්ව ගොස් ඇති අතර
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් වෙළෙදාම්, ජාවාරම් හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙම පරීක්ෂණ සිදුකරයි.

ඇතැම් විදේශ රැකියා නියෝජිතායතන හා තැරවුකරුවන් මගින් මෙරට කාන්තාවන් දහසකට අධික සංඛ්‍යාවක් ඩුබායි, ඕමාන් ඇතුළු මැදපෙරදිග රටවලට ගෘහ සේවයට යවන බව කියා අසරණ කර බොහෝ කාන්තාවන් ගණිකා ව්‍යාපාරවල යොදවා ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට තොරතුරු අනාවරණය කරගෙන ඇත.

සංචාරක වීසා මත ඩුබායි සහ ඕමාන් යන රාජ්‍යයන් වෙත යවා ඇති එම කාන්තාවන් ගණිකා වෘත්තීය, සම්භාහන මධ්‍යස්ථාන ඇතුළු මිනිස් වෙළෙඳාමට හා ජාවාරමට ලක්වන රැකියා සඳහා යොමුකර තැරැවුකරුවන් ලක්ෂ ගණනින් මුදල් උපයා ගන්නා බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.