26.1 C
Colombo
Tuesday, August 5, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතෙල් නැත්නම් තමාව අමතන්නැයි ලොකුගේ කියයි

තෙල් නැත්නම් තමාව අමතන්නැයි ලොකුගේ කියයි

ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන බෙදා හැරීම පිළිබඳ ගැටලු ඇත්නම් ඒ පිළිබඳ තමා දැනුවත් කරන ලෙස බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (29) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඒ පිළිබඳ පෞද්ගලිකව තමාව දැනුවත් කරන ලෙස පවසමින් අමාත්‍යවරයා තම දුරකථන අංකයද මාධ්‍යයට ඉදිරිපත් කළේය. ඒ අනුව 077-7414241 යන දුරකථන අංකය මඟින් අදාළ ප්‍රශ්නය ගැන තමාව දැනුවත් කරන ලෙසත් එම ගැටලු විසඳීම වෙනුවෙන් තමා මැදිහත් වන බවත් ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා අවධාරණය කළේය.

ලබන සතිය වනවිට ඉන්ධන හිඟයට විසඳුම් ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.