― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොළඹ ජාතික රෝහලේ රසායනාගාර සේවා සීමා කරයි

කොළඹ ජාතික රෝහලේ රසායනාගාර සේවා සීමා කරයි

මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති බරපතළ ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට සිදුවන බලපෑම් දිනෙන් දින උඝ්‍ර වෙමින් පවතී.

ඊයේ දිනයේදී මෙරට ප්‍රධාන පෙළේ රෝහල් දෙකක් වන පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සහ ගාල්ල කරාපිටිය රෝහලේ සැලසුම් කළ ශල්‍යකර්ම සෞඛ්‍ය උපකරණ සහ ඖෂධ හිඟය නිසා තාවකාලිකව අත්හිටුවීමට සිදු විය.

මේ අතර අද (30) කොළඹ ජාතික රෝහලේ රසායනාගාර තුළ දෛනිකව සිදු කෙරෙන සාමාන්‍ය පරීක්ෂණ සීමා කරන ලෙස ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අධ්‍යක්ෂිකා වෛද්‍ය සමින්දි සමරකෝන් රෝහලේ සියලුම අංශ ප්‍රධානීන් වෙත ලිපියක් මඟින් දැනුම් දී ඇත.

එම ලිපියේ දැක්වෙන්නේ මේ දිනවල පවතින ආර්ථික අර්බුදය, පරීක්ෂණ කට්ටල හිඟය නිසා අත්‍යාවශ්‍ය පරීක්ෂණ හැර අනෙකුත් සාමාන්‍ය දෛනික පරීක්ෂණ සීමා කරන ලෙසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍ය වෛද්‍ය සැපයුම් භාරව සිටින රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ පේරාදෙණිය රෝහලේ උද්ගත වූ සිද්ධිය දේශපාලනික සිදුවීමක් බවටත් එම රෝහලේ අධ්‍යක්ෂවරයා දේශපාලන පක්ෂයක ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කරන බවත්ය.