― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalරාජපක්ෂවරුන්ගේ අවසානය නිසා නාමල්ගේ ජනපති සිහිනය සුන් වෙනවා

රාජපක්ෂවරුන්ගේ අවසානය නිසා නාමල්ගේ ජනපති සිහිනය සුන් වෙනවා

මේ ආණ්ඩුවේ අවසානයත් සමඟ රාජපක්ෂවරුන්ගේ දේශපාලනය අවසන් වීම නිසා නාමල් රාජපක්ෂගේ අනාගත ජනපති සිහිනය සුන් වන බවත් ඔහු අවාසනාවන්තයෙක් බවත් උදය ගම්මන්පිල පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඉතා නුදුරේම ආණ්ඩුවේ බහුතරය නැති කරන බව ආණ්ඩු පක්ෂයේ සන්ධානගත පක්ෂ 11ක කණ්ඩායම ප්‍රසිද්ධියේම ආණ්ඩුවට අභියෝග කරන බවත් ඔහු එහිදී ප්‍රකාශ කළේය.

තම පාර්ශවයට නැවතත් රාජපක්ෂවරයෙකු බලයට ගෙන ඒමේ කිසිදු අවශ්‍යතාවයක් නැති බව ප්‍රකාශ කළ ගම්මන්පිල වැඪිදුරටත් කියා සිටියේ මොන රාජපක්ෂ රජ වුණත් අවසානයේ රට පාලනය කරන්නේ බැසිල් රාජපක්ෂ වීම ඊට හේතුව බවයි.