28.4 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෞද්ගලික බස්රථ ධාවනයත් නවතින ලකුණු

පෞද්ගලික බස්රථ ධාවනයත් නවතින ලකුණු

දිවයින පුරා පවතින ඩීසල් හිඟය නිසා පෞද්ගලික බස් රථ ධාවනය බරපතළ ගැටලුවකට පත්ව ඇති බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

ඉදිරි දින දෙකෙන් පසුව පෞද්ගලික බස් රථ සියල්ල ධාවනයෙන් ඉවත් කිරීමට සිදුවනු ඇති බව එහි සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේය

“ඩීසල් අර්බුදය බරපතළ විදියට පෞද්ගලික බස්රථවලට බලපාලා තියෙනවා. ඩීසල් ලැබෙන්නේ කවදාද කියලා අපට යම් ගැටලුවක් තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිව කියන්නේ ඉදිරි දින දෙක තුන තුළ හම්බෙයි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නෑ. කෙසේ වෙතත් සඳුදා දිනය වෙන විට බස්රථ සම්පූර්ණ ධාවනය අපිට නවත්වන්න සිදුවේවි. මොකද අපිට ඩීසල් තියෙන්න ඕනේ බස් ධාවනය කරන්න. ඩීසල් නැතුව වතුරෙන් අපිට බස්රථ ධාවනය කරන්න බෑ. ලංගම යෙන් ඩීසල් ලබාදීම පැහැර හැරලා තියෙනවා. මට දැනුම්දුන්නා විශේෂයෙන්ම යම් යම් බස් නැවතුම්පොළවල උද්ඝෝෂණ කරන්න සැලසුම් කරලා තියෙනවා.”