― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsහිටපු අමාත්‍ය අතාවුද සෙනවිරත්න අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය අතාවුද සෙනවිරත්න අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය අතාවුද සෙනවිරත්න අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු 90 වන වියේ පසු විය. 1989 වසරේ සිට 2015 වසර දක්වා වරින්වර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ආතාවුද සෙනවිරත්න මහතා අවස්ථා ගණනාවකදී කැබිනට් අමාත්‍යවරයෙකු ලෙසත් කටයුතු කර තිබේ.

1954 වර්ෂයේදී මොරාණ ගම් 12 පත්තු ගම් සභාවට තේරී පත්වීමෙන් දේශපාලනයට පිවිසි අතාවුද සෙනෙවිරත්න මහතා පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ 1970 වර්ෂයෙදීය.

ලංකා සම සමාජ පක්ෂය නියෝජනය කරමින් ඔහු එවර පාර්ලිමේන්තු වරම් ලබා ගන්නේ එවකට රුවන්වැල්ල ආසනය නියෝජනය කළ පී.සී ඉඹුලාන මහතා පරාජය කරමිනි. ඉන්පසු සබරගමු පළාත් සභාවට තේරී පත්වන අතාවුද සෙනවිරත්න මහතා එහි විපක්ෂ නායකවරයා ලෙසද කටයුතු කළේය.

ඉන් අනතුරුව 2000 වර්ෂයේ දී ඔහු සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන්ද කටයුතු කර තිබේ. 1989 වර්ෂයේදී නැවත වරක් කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වන අතාවුද සෙනවිරත්න මහතා 2015 වසර වන තෙක් පාර්ලිමේන්තුව නියෝජනය කළේය.