27.8 C
Colombo
Wednesday, August 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋද්ඝෝෂණයෙන් සිදු වූ හානිය දළ වශයෙන් ඇස්තමේන්තු කරයි

උද්ඝෝෂණයෙන් සිදු වූ හානිය දළ වශයෙන් ඇස්තමේන්තු කරයි

‍ඊයේ (31) මිරිහානේ ජනාධිපති නිවස අසළ පැවති උද්ඝෝෂණය ආරම්භ කළ මොහොතේ සිට පැය හතරහමාරක් යනතුරු ශ්‍රී ලංකා පොලිසිය රටේ ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කරමින් ජනතාවගේ අයිතීන් සුරකින්නට කටයුතු කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (01) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමිනි.

ජනතාව මාර්ගය අවහිර කිරීමත්, ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමත් සමඟ පොලිසියට බලය පාවිච්චි කිරීමට සිදු වූ අතර එහිදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට සිදු වූ බව හෙතෙම අවධාරණය කළේය.

මෙම සිදුවීමෙන් පොලිස් බස් රථ 03ක්, යුද හමුදාවට අයත් බස් රථයක්, ත්‍රී රෝද රථයක්, යතුරු පැදි 2ක් සහ පොලිසියට අයත් ජීප් රථයකටත් අලාභ හානි කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය.

ඊයේ විරෝධතාවයේදී සිදු වී ඇති හානියේ වටිනාකම දළ වශයෙන් රුපියල් මිලියන 39කට අධික බව අජිත් රෝහණ පැවසීය. උද්ඝෝෂණයට සහභාගී වූ එක් සැකකාරියක් සහ සැකකරුවන් 52 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (01) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.