සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය අවහිර කිරීමේ ක්‍රියාවලිය තමන් කිසිසේත්ම අනුමත නොකරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසයි.
සමාජ මාධ්‍ය අවහිර කිරීම නිෂ්ඵල කාර්යයක් වන බවත් VPN භාවිතා කරමින් තමන්ද සමාජ මාධ්‍ය වෙත පිවිසෙන බවත් අමාත්‍යවරයා එම සටහනෙන් දක්වා තිබේ.
මෙවැනි අවස්ථාවකදී වගකීම් සහගතව හා වඩාත් ප්රගතිගීලිව බලධාරීන් කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා එයින් අවධාරණය කර තිබේ.
ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට සියලු සමාජ මාධ්‍ය ජාලාවල ක්‍රියාකාරීත්වය තාවකාලිකව අත්හිටුවනු ලැබීය.