25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsහෙට විදුලි කප්පාදුව ගැන අලුත් තීරණයක්

හෙට විදුලි කප්පාදුව ගැන අලුත් තීරණයක්

හෙට (04) විදුලි කප්පාදුව උපරිම වශයෙන් පැය 05කට සීමා කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව උදෑසන 10 සිට පස්වරු 5 දක්වා A,B,C,D,E,F,G,H,I,J,K,L කලාපවලටත් P,Q,R,S,T,U,V,W කලාප දක්වාත් පැය 3.30ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.

සවස 6 සිට රාත්‍රී 9 දක්වා පැය 1යි මිනිත්තු 30 කාලයක්ද එම කලාපවලට විදුලි සැපයුම අත්හිටවන අතර කොළඹ නගර සීමාවේ ප්‍රදේශවලට උදෑසන 6 සිට උදෑසන 10 දක්වා පැය 4ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරේ.

හෙට දින පැය 07ක විදුලි කප්පාදුවක් සඳහා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අවසරය හිමි නොවීය.