― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalආණ්ඩුවට බහුතරය අහිමි වෙයි?

ආණ්ඩුවට බහුතරය අහිමි වෙයි?

ජනතා විරෝධතාව හා රට මුහුණ දී ඇති අර්බුද රාශියක් මත අද (05) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම ඉතාමත්ම තීරණාත්මකය.

ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පක්ෂය ඇතුළු පක්ෂ 11ක් දැනටමත් ආණ්ඩුවෙන් ඉවත්ව තිබෙන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ (04) නිවේදනය කළේ තම පක්ෂය පාර්ලිිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන බවයි.

ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී නිමල් ලංසා ප්‍රකාශ කළේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 50කට ආසන්න සංඛ්‍යාාවක් අද පාර්ලිමේන්තුවේදී ස්වාධීන වන බවයි.

මේ අනුව ආණ්ඩුවට 113ක බහුතරය අහිමිවීමට වැඩි ඉඩක් තිබේ. ඊයේ ජනපතිිවරයාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට මන්ත්‍රීවරු 130කට ආසන්න පිරිසක් රැස්ව තිබේ.

මෙහිිදී ජනපතවරයා ප්‍රකාශ කර තිබුණේ පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන පාර්ශ්වයකට බලය ලබාදීමට තමන් සූදානම් බවයි

යම් හෙයකින් පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට ඇති සරල බහුතරය අහිමිවුවහොත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ධුරය අහිමි වන අතර පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගන්නා මන්ත්‍රිවරයා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරිමට ජනපතිවරයාට සිදුවෙනු ඇත.