32.2 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකාල්ටන් නිවස අසළ විරෝධතාවේදී අත්අඩංගුවට ගත් සැකකරුවන්ට ඇප

කාල්ටන් නිවස අසළ විරෝධතාවේදී අත්අඩංගුවට ගත් සැකකරුවන්ට ඇප

තංගල්ල කාල්ටන් නිවස අසළ පැවති විරෝධතාවේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 12 දෙනාට අධිකරණය විසින් අද (05) අලුයම ඇප ලබා දී තිබේ.

අද අලුයම 1.00 ට පමණ තංගල්ල වැඩ බලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඔවුන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම ඇප ලබාදීම සිදුකර තිබේ.

නීතිවිරෝධි රැස්වීම, පොදු දේපළ පනත යටතේ බස් රථයකට අනර්ථයක් සිදුකිරීම සහ පොලිස් නිලධාරීන්ට තුවාල සිදුකිරීම යන චෝදනා යටතේ අදාළ සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබූ අතර විරෝධතාකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් 18 දෙනෙකු පෙනී සිට තිබේ.