31 C
Colombo
Sunday, May 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsජනාධිපති රංජිත්ට යන්න එපා කියයි

ජනාධිපති රංජිත්ට යන්න එපා කියයි

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉවත් නොවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රංජිත් සියඹලාපිටිය වෙත දැනුම් දී තිබේ.

ඊයේ (05) ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් තමා නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉල්ලා අස්වන බවට කළ දැනුම්දීමට පිළිතුරු ලෙස ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

නියෝජ්‍ය කතානායක ධුරය ස්වාධීන තනතුරක් බැවින් මේ මොහොතේ පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යෑම අත්‍යාවශ්‍ය කරුණක් බවත් ඒ අනුව ධුරයෙන් ඉවත් වීමට කළ ඉල්ලීන ප්‍රතික්ෂේප කරන බවත් ජනාධිපතිවරයා පවසා තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවේදී ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට ගත් තීරණය අනුව අනුව රංජිත් සියඹලාපිටිය නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ජනාධිපතිවරයා වෙත ඊයෙ දැනුම් දුන්නේය.