30.6 C
Colombo
Tuesday, July 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනාධිපතිවරයා ජනතාවගෙන් සමාව ඉල්ලිය යුතුයි

ජනාධිපතිවරයා ජනතාවගෙන් සමාව ඉල්ලිය යුතුයි

ජනතාව මුහුණ දෙන අර්බුදවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනතාවගෙන් සමාව ඉල්ලිය යුතු බව ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (07) පාර්ලිමේන්තුව අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද කීය.

“හරි නම් ජනාධිපතිවරයා ජනතාවගෙන් සමාව ගන්න ඕන මේ දුෂ්කරතා ඇති කෙරුවාට. ව්‍යවස්ථාවේ 27 වන වගන්තියේ ජනතාවට අවශ්‍ය ආහාර පාන ඇඳුම් පැළඳුම් ඒ වගේම නිවාස ලබා දීමට එතුමාට වගකීමක් තියෙනවා.

ඉන්දියාවේ මෝදි අගමැතිතුමා පනතක් ගෙනාවා ගොවි ඉඩම් සමාගමවලට දෙන්න පනතක් ගෙනාවා. මුළු ඉන්දියාව පුරාවම උද්ඝෝෂණ ලංකාව පුරා ම ගොවි උද්ඝෝෂණ කාලේ එතුමා ඡන්දයක් තිබ්බා ප්‍රාන්ත 5න් 4ක් ඔහු පැරදුනා. පසුව එතුමා ඒ පනත් සියල්ල ඉල්ලා අස් කර ගෙන ගොවිජනතාවගෙන් සමාව ගත්තා. ඒ ආදර්ශය අපේ ජනාධිපතිතුමාට පිළිපදින්න පුළුවන්.”