මේ වනවිට ඉන්දීය ණය ආධාර යටතේ ශ්රී ලංකාවට ලබා දුන් ඩීසල් නැව් කිහිපයක් දිවයිනට ළඟා වෙමින් පවතින බව වාර්තා වේ.
ඉන් එකක් මේ වනවිටත් කොළඹ වරායට ළඟා වී ඇති අතර ඉදිරි දින දෙක තුන ඇතුළත තවත් ඉන්ධන නැව් 05ක් මෙරටට ළගා වීමට නියමිතය.
ඒ අනුව ඉදිරියේදී දැනට පවතින ඩීසල් හිඟය මගහැරී යන අතර විදුලිය නිපදවීම සඳහාද වැඩි තෙල් ප්රමාණයක් ඉන් ලබා දීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙයි.
ඒ අනුව මේ වනවිට දියවිනේ සිදුකෙරෙන පැය 06ක විදුලි කප්පාදුවද පැයක් දක්වා අඩු කරමි අවුරුදු කාලසීමාව ඇතුළතදී අඛණ්ඩව විදුලිය ලබා දීමට සැලසුම් කර ඇත.