25.6 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකටුනායක CCTV කැමරාවලට මොකද වුණේ?

කටුනායක CCTV කැමරාවලට මොකද වුණේ?

සමාජ මාධ්‍ය, කටකතා සහ අනෙකුත් මාධ්‍ය මගින් පළවන ආකාරයට ගුවන්තොටුපොළ තුළ ආරක්ෂක කැමරා පද්ධති වෙනස් කිරීම්, ක්‍රියා විරහිත කිරීම් හෝ කිසිදු ආරක්ෂක ක්‍රියා පටිපාටියක් පුද්ගල අවශ්‍යතාවයන් මත ලිහිල් කිරීමට කටයුතු නොකර ඇති බව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම පවසයි.

පසුගිය පැය 48 තුළ ඇතැම් මගීන් සහ ප්‍රභූන්ගේ පිටත්වීම් ක්‍රියා පටිපාටිය පිළිබඳව මහජනතාව නොමඟ යවන අයුරින් විවිධ සාවද්‍ය පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී ඇති බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

සාවද්‍ය ප්‍රකාශ සහ චෝදනා ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ශ්‍රී ලංකාවේ අභිමානය හා ගුවන් මගීන්ගේ ආරක්ෂාව සඳහා නිරතුරුවම කැපවන බවත් එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේය.