25 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයාට උණුසුම් පිළිගැනීමක්

පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයාට උණුසුම් පිළිගැනීමක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (07) පෙරවරුවේ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි විය.

පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණි ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පිළිගනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අධිභාර බදු පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ අවස්ථාවේ පාර්ලිමේන්තු සභා ගර්භය වෙත පිවිසි ජනාධිපතිවරයා වෙත මන්ත්‍රීවරු අත්පොළසන් දෙමින්, ප්‍රීති ඝෝෂා නගමින් ඉහළ පිළිගැනීමක් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

කෙටි වේලාවක් පාර්ලිමේන්තු සභා ගර්භයේ සිටි ජනාධිපතිවරයා මහජන නියෝජිතයන්ගේ ඉදිරිපත් කිරීම් කෙරෙහි සිය අවධානය යොමු කර තිබේ.