― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessමහ බැංකුව ඊයේ බිලියන 119.08ක් අච්චු ගහලා

මහ බැංකුව ඊයේ බිලියන 119.08ක් අච්චු ගහලා

ඊයේ (06) දිනදී පමණක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 119.08 මූල්‍ය වෙළඳපොළට එක්කර තිබේ.

ඒ අනුව මේ වසර තුළදී පමණක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අලුතින් මෙරට මූල්‍ය වෙළඳපොළට එක් කළ මුළු මුදල රුපියල් බිලියන 432.76 දක්වා ඉහළ ගොස් ඇත. පෙරේදා (05) ශ්‍රී ලංකා මහ බැංකුව සතුව තිබූ රුපියල් මිලියන 1,656,691.82ක දේශීය සංචිත ප්‍රමාණය ඊයේ (06) දිනයේදී රුපියල් මිලියන 1,772,497.21ක් දක්වා ඉහළ ගියේය.

මෙලෙස දිනපතා දේශීය වෙළඳපොළට මහ බැංකුව විසින් අලුතින් මුදල් එක් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉතිහාසයේ පෙර නොවූ විරූ පරිදි ඉහළ ගොස් ඇති අතර ලොව උද්ධමනය වැඩිම රටවල් අතර 6 වන ස්ථානය දක්වා පැමිණෙන්නටත් මේ මුදල් නිකුතුව හේතු වී තිබේ.