28 C
Colombo
Wednesday, October 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසංචාරයට එන ඇමරිකානුවන්ට ලංකාව ගැන රතු එළි

සංචාරයට එන ඇමරිකානුවන්ට ලංකාව ගැන රතු එළි

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා සම්බන්ධයෙන් වන ඔවුන්ගේ සංචාරක උපදේශනය යාවත්කාලීන කර තිබේ.

මෙය යාවත්කාලීන කිරීමෙන් පසු මෙතෙක් කලක් තර්ජිත මට්ටම සිවුවැනි ස්ථානයේ තිබූ ශ්‍රී ලංකාව එම මට්ටම තුන් වැනි ස්ථානය දක්වා ඉහළ දමා ඇත. ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඇමරිකානු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ, රට තුළ තැන තැන පැවැත්වෙන සිවිල් විරෝධතා, උද්ඝෝෂණ සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් සම්බන්ධයෙන් සම්පූර්ණ අවධානයෙන් සිටින ලෙස හා එම ස්ථාන හැකි තරම් මඟහරින ලෙසටයි.

එමෙන්ම මීට පෙර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සංචාරක උපදේශන වාර්තාවක දැක්වුණේ ශ්‍රී ලංකාව තුළ පවතින බරපතළ ආර්ථික කඩා වැටීම හේතුවෙන් සංචාරක පහසුකම් සපයා ගැනීම ඇතුළු තෙල්, ගෑස් ආදී පෝලිම් දෑ ගැනයි.