25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalඉල්ලා අස්වෙනවා කිව්වට නියෝජ්‍ය කථානායක ධුරය දාලා යන්න බැහැලු.. - තීරණය රිවස්...

ඉල්ලා අස්වෙනවා කිව්වට නියෝජ්‍ය කථානායක ධුරය දාලා යන්න බැහැලු.. – තීරණය රිවස් කරපු සියඹලාපිටිය

පසුගිය දා නියෝජ්‍ය කතානායක ධූරයෙන් ඉවත්වීම සඳහා ජනාධිපතිවරයා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කළ රංජිත් සියඹලාපිටිය මහතා එම ධූරයෙන් ඉවත් නොවීමට තීරණ කර තිබේ.

අද (අප්‍රේල් 8) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව පැවසීය.

එම ප්‍රකාශය සිදු කරමින් නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ, කොන්දේසි දෙකක් යටතේ තමන් මෙම තීරණය ගත් බව ය.

ඒ අනුව, තමන් මෙම අප්‍රේල් මාසය සඳහා පමණක් එම ධූරයේ රැඳී සිටින බව ත් ඉල්ලා අස්වීම භාර දුන් අප්‍රේල් 05 වන දායින් පසුව නියෝජ්‍ය කතානායක ධූරයට හිමි වරප්‍රසාද කිසිවක් භාවිත නොකරන බව ත් ඔහු පැවසීය.

යම් හෙයකින් තම එම වරප්‍රසාද භාවිත කළහොත් ඒ සඳහා අය කිරීමක් සිදු කරන ලෙස ගණකාධිකාරවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ද ඔහු එහිදී කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ ය.