― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅවුරුදු දින දෙකේ විදුලි කප්පාදුවක් නැහැ

අවුරුදු දින දෙකේ විදුලි කප්පාදුවක් නැහැ

අප්‍රේල් 13 සහ 14 දෙදින විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

සති අන්තයේ විදුලි කප්පාදුව සිදුකරන කාලයද අඩු කර ඇති අතර ඒ අනුව හෙට (09) විදුලිය කප්පාදු කෙරෙන්නේ පැය 02ක් පමණි. අනිද්දා (10) විදුලි කප්පාදුව පැයක කාලයකට සීමා වෙයි.

කෙසේ වෙතත් අද (08) පැය 06යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතය.

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ ඇ,ඹ්,C,ඪ්,E,F,ඝ්,H,ඓ,J,ඛ්,ළ් දක්වා කාණ්ඩයට පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පැය 4 ක් ද,පස්වරු 5.00 සිට රාත්‍රී 7.30 දක්වා පැය 2 යි විනාඩි 30 ක්ද, විදුලිය කප්පාදු කරන බවයි.

ඵ්,Q,S,ර්‍,ඨ්,U,V,W යන කලාපවලට පෙරවරු 10.00 සිට පස්වරු 6.00 දක්වා පැය 4 ක් හා පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පැය 2 යි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇත.

කොළඹ නගරයේ වාණිජ කලාපයේ විදුලි සැපයුම පෙරවරු 6.00 සිට පෙරවරු 9.30 දක්වා පැය 3 යි විනාඩි 30 ක් කප්පාදු කරන බව ද විදුලිබල මණ්ඩලය නිවේදනය කළේය.