28.4 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalපමුණුවේ රෙදිපිළි වෙළඳසැල් පේළියක ගින්නක්

පමුණුවේ රෙදිපිළි වෙළඳසැල් පේළියක ගින්නක්

මහරගම පමුණුව පාරේ පිහිටි රෙදිපිළි අලෙවිසැල් පේළියක ඊයේ (07) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබේ.

ගින්නෙන් වෙළෙඳසැල් 07කට හානි සිදුව ඇති අතර එක් වෙළෙඳසැලක හටගත් ගින්න තවත් වෙළෙඳසැල් 06කට පැතිර ගොස් ඇති බව හෙළි වී ඇත.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 03ක් යොදා ඇති අතර ගින්න හටගෙන සුළු වේලාවකදීම එය පාලනය කර ගැනීමට හැකි වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය විශේෂ විමර්ශනයක් සිදුකරනු ලබයි.