26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමට ඉංග්‍රීසිත් බෑ, රට හදන්නත් බෑ, මං පාර්ලිමේන්තු එන්නෙත් නෑ -...

මට ඉංග්‍රීසිත් බෑ, රට හදන්නත් බෑ, මං පාර්ලිමේන්තු එන්නෙත් නෑ – චාමර සම්පත් දසනායක

තමාට රට සෑදීමට නොහැකි බවත් රට සාදනු ලැබිය යුත්තේ නායකයින් විසින් බවත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

ඔහු සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරයා මැතිවරණයෙන් පරාජය වූ අවස්ථාවේදී ජනතාව දේවාලයකට පැමිණි සේ කාල්ටන් නිවසට පැමිණියද මේ වන විට ජනතාවගේ තත්ත්වය වෙනස් වී ඇති බවය.

තමාට රට සෑදීමට නොහැකි අතර රට සාදනු ලැබිය යුත්තේ නායකයින් විසින් බව ඔහු අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. එම නිසා රට තුළ පවතින ගැටලුව විසඳෙන තෙක් තමා පාර්ලිමේන්තුවට නොපැමිණෙන අතර පැමිණියත් ප්‍රකාශ සිදු නොකරන බවද ඔහු අවධාරණය කළේය.

“ඉදිරියට මෙම තත්ත්වය විසඳෙනකම් පාර්ලිමේන්තුවට නොපැමිණෙන්නත් පාර්ලිමේන්තුවට එනවා නම් මාස 03ක් ප්‍රශ්නය විසඳුනාම. එතකම් මම ප්‍රකාශයක් කරන්නෙත් නෑ. මම මේ ප්‍රකාශය කරන්න හේතුව සමහරු කියනවා අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බාගන්නවා කියල. මට අගමැති වෙන්න වුවමනාවක් නෑ. මට ඕනෑ නම් පුළුවන් ඌවේ මහ ඇමතිකම කරන්න ආපහු දුන්නොත්. ඒ නිසා මට කතා කරන්න අයිතියක් තියෙනවා. මට ඉංග්‍රීසිත් බෑ මට ජාත්‍යන්තරයත් බෑ. මට පුළුවන්ද ගිහිල්ලා මේ රට හදන්න? රට හදන්නේ නායකයෝ.”