― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලංකාවේ තත්ත්වය ඉතාමත් තීරණාත්මකයි - යුරෝපා සංගමය

ලංකාවේ තත්ත්වය ඉතාමත් තීරණාත්මකයි – යුරෝපා සංගමය

ශ්‍රී ලංකාවේ මේ මොහොතේ පවතින තත්ත්වය ඉතාමත් තීරණාත්මක බව යුරෝපා සංගමය පවසයි.

ශ්‍රී ලංකා ආර්ථිකය නැවතත් තිරසර මාවතකට යොමු කර ගැනීමට කළ යුතු සංශෝධන පිළිබඳව බලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගැඹුරින් සාකච්ඡා කළ යුතු බව එම සංගමය අවධාරණය කරයි.

යුරෝපා සංගම් දූත මණ්ඩලය ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, නෝර්වේ, ස්විට්සර්ලන්තය සහ එක්සත් රාජධානිය යන රටවල තානාපති සහ මහකොමසාරිස් කාර්යාල සමග එක්බද්ධ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.

එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ සාමකාමී අයුරින් රැස්වීමේ නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යනු ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික අයිතිවාසිකම් ලෙස සැලකිය හැකි බවයි. එබැවින් සියලු පාර්ශවවලට සාමකාමීව කටයුතු කරන ලෙස යුරෝපා සංගමය ඉල්ලා සිටී.

හදිසි නීතිය ඉවත් කිරීමට ගත් තීරණය ධනාත්මක පියවරක් බවත් ශ්‍රී ලාංකිකයින්ට අහිතකර බලපෑමක් එල්ල කර ඇති වර්තමාන අර්බුදයෙන් මිදීමට ගත හැකි වර්ධනීය සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද පිළිබඳ අවදානය යොමු කරන ලෙස සියලුම පාර්ශවවලින් යුරෝපා සංගමය ඉල්ලා සිටී.