― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඇත්තටම ගෝල්ෆේස් එක වැහුවේ සංවර්ධන කටයුත්තකටද?

ඇත්තටම ගෝල්ෆේස් එක වැහුවේ සංවර්ධන කටයුත්තකටද?

සංවර්ධන කටයුතු සිදුකෙරෙන බැවින් ගාලු මුවදොර පිටිය සාමාන්‍ය ජනතාවට වසා දමා ඇති බවට ඊයේ (08) සවස සිට නිවේදනයක් සවිකර ඇති අතර ඒ හේතුවෙන් ගාලු මුවදොර පිටිය සාමාන්‍ය මහ ජනතාවට පරිහරණය කිරීමට තිබූ ඉඩ අහුරා තිබේ.

කෙසේනමුත් විරෝධතාවක් සඳහා අද (09) දිනයේ ගාලු මුවදොර පිටියට මිලියනයක ජනතාවක් එකතු වීමට නියමිත බවට සමාජ මාධ්‍ය පුවත් පළ කර තිබූ අතර ඒ වෙනුවෙන් පිරිස් සංවිධානය වෙමින් පැවතිණි. ගාලු මුවදොර පිටිය හදිසියේම සාමාන්‍ය ජනතාවට වසා දැමීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද ඊයේ පාර්ලිමේන්තුවේ විමසා සිටි නමුත් කිසිවෙකු පිළිතුරු දුන්නේ නැත.