27.8 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalඅධික වර්ෂාව නිසා ජලාශවල වාන් දොරටු විවෘත කෙරේ

අධික වර්ෂාව නිසා ජලාශවල වාන් දොරටු විවෘත කෙරේ

මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මේ වනවිට ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. දින දෙකක් තුළ ජලාශවල ජල මට්ටම සියයට 4කින් ඉහළ ගොස් ඇති අතර අද වනවිට ජල ධාරිතාව 70%ක් දක්වා වැඩි වී තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ වර්ෂාපතනයේ යම් අඩුවීමක් අද දිනයේ වාර්තා වුවත් වැසි තත්ත්වය ඉදිරි පැය 48ක් දක්වා තවදුරටත් පවතින බවයි.

මේ වනවිට දැදුරු ඔයෙහි වාන් දොරටු දෙකක් අඩිය බැගින් විවෘත කර ඇති අතර කුඹුල්වානා ඔය ජලාශය උපරිම ධාරිතාවයට ළඟා වී තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය ජලාශය වාන් දොරටු 4ක් අඩි දෙක බැගින් විවෘත කර ඇති අතර අංගමුව ජලාශය වාන් දොරටු දෙකක් අඩි බැගින් විවෘත කර තිබේ.

අම්පාර දිස්ත්‍රික්කයේ රඹකැන් ඔය ජලාශය වාන් දොරටු දෙකක් අඟල් 4 බැගින් විවෘත කර ඇති අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ උන්නිච්චි ජලාශයේ වාන් දොරටු එකක් අඟල් 6 බැගින් විවෘත කර ඇත.