26.7 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalහිනිඳුම ඉන්ධන පෝලිමකදී තවත් අයෙක් ජීවිතක්ෂයට

හිනිඳුම ඉන්ධන පෝලිමකදී තවත් අයෙක් ජීවිතක්ෂයට

හිනිඳුම – තවලම ප්‍රදේශයේ සිපෙට්කෝ පිරවුම්හලක ඩීසල් ලබාගැනීම සඳහා පෝළිමේ සිටි පුද්ගලයෙක් අද (11) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද අලුයම ලොරි රථයට ඩීසල් ලබා ගැනීම සඳහා මෙම පුද්ගලයා පිරවුම්හල අසලට පැමිණ පැයට ආසන්න කාලයක් එහි රැඳී සිට ඇති අතර එහිදී ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.

ගාල්ල – හබරකඩ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.