27 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපවුල් පාලනයට ඉඩ නොදිය යුතුයි - කුමාර් සංගක්කාර

පවුල් පාලනයට ඉඩ නොදිය යුතුයි – කුමාර් සංගක්කාර

ශ්‍රී ලංකාව තුළ යළිත් දූෂණයට, ඥාතිවාදයට හෝ පවුල් පාලනයකට ඉඩ නොදිය යුතු බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක හා සුපිරි ක්‍රීඩකයකු වන කුමාර් සංගක්කාර පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

“මේ අරගලය අරඹලා තියෙන්නේ වඩාත් අවදියෙන් සිටින වඩාත් අධිෂ්ඨානශීලී සහ නිර්භීත පරපුරක්. මෙවැනි අවස්ථාවක ශ්‍රී ලාංකිකයන් විදිහට එකමුතු වුණා වගේම මෙම අර්බුදයෙන් පාඩම් ඉගෙනගෙන ජාතිවාදී හෝ ආගම්වාදී බෙදීම් සමාජයට හෝ දේශපාලනයට යළි ඇතුළත් නොකර ගනීවි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දූෂණයට, ඥාතිවාදයට හෝ පවුල් පාලනයකට යළි ශ්‍රී ලංකාව තුළ ඉඩ දිය යුතු නැහැ.”