― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalජනපතිට ගෙදර යන්න කියූ සුරේන් රාඝවන්ටත් රාජ්‍ය ඇමති පට්ටමක්

ජනපතිට ගෙදර යන්න කියූ සුරේන් රාඝවන්ටත් රාජ්‍ය ඇමති පට්ටමක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේන් රාඝවන් ඊයේ (18) අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

මීට දින කිහිපයකට පෙර සුරේන් රාඝවන් ජනාධිපතිවරයා දැඩි ලෙස විවේචනය කරමින් ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බව සමාජ මාධ්‍ය තුළ සටහන් කර තිබුණු අතර ඔහුට පෙර මේ ආකාරයෙන්ම ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිකමක් භාරගත් ශාන්ත බණ්ඩාරද තදින් විවේචනයට ලක්කර තිබිණි.

එසේම 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අත එසවීම තමන් සිදුකරගත් විශාලතම වරද බවටත් ඒ මහතා පිළිගෙන තිබුණු අතර තමන් මියයන්නට පෙර ඒ වරද නිවැරදි කිරීම සඳහා හැකි සෑමදෙයක්ම කරන බවටත් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් දමා තිබුණි.