27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalරඹුක්කන උණුසුම් තත්වයක් -Photos

රඹුක්කන උණුසුම් තත්වයක් -Photos

ඉන්ධන මිල ඉහළ දැමීම සහ ඉන්ධන නිකුත් නොකිරීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක මාර්ග අවහිර කරමින් මහජනතාව විරෝධතාවයන් හි නිරතවන බව අප වාර්තාකරුවන් පවසයි.

මේ වන විට රඹුක්කන ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය සහ දුම්රිය මාර්ගය හරස් කරමින් විරෝධතාකරුවන් මහජනතාව විරෝධතාවයේ යෙදී සිටියි.

මීට අමතරව කොළඹ – පුත්තලම මාර්ගයේ මාදම්පේ, කාක පල්ලිය අසලින්ද, ගාල්ල නගරයෙන් ද මහජනතාව විරෝධතාවයේ යෙදෙන බව වාර්තා වෙයි.

මේ අතර අලුත්ගම සහ මහනුවර නගරවලින් ආරම්භ වන පුද්ගලික බස් රථ ද ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව විරෝධය පළකරමින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.