― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලංකාවේ උද්ධමනය 74% දක්වා ඉහළට

ලංකාවේ උද්ධමනය 74% දක්වා ඉහළට

රුපියලේ අගය දිගින් දිගටම පහළ බැසීම සහ බලශක්ති අර්බුදය මෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම මත ශ්‍රී ලංකාවේ අප්‍රේල් 15 වැනිදා දක්වා මූලික උද්ධමනය 74%ක ඉහළ අගයක් වාර්තා කර ඇතැයි හැන්කේන් වාර්ෂික උද්ධමන දර්ශකය සඳහන් කරයි.

එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ස්ටීව් හැන්කේ විසින් මූල්‍ය අර්බුදයන්ට ලක් වූ රටවල් සැබෑ සාධක සලකා බලමින් මෙම වාර්ෂික උද්ධමන දර්ශකය ගණනය කරයි.

පසුගිය මාර්තු මාසය සඳහා එම දර්ශකයේ උද්ධමනය කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගින් මනිනු ලැබූ උද්ධමනය මෙන් තුන් ගුණයකට වඩා වැඩි වී ඇති අතර
ඉදිරි මාස තුනක කාලය තුළ මෙරට නිල උද්ධමනය 28%ක් වනු ඇතැයි මහ බැංකුව විසින් පසුගිය අප්‍රේල් 08 වැනිදා පුරෝකතනය කළේය.

මාසයක් තුළ ශ්‍රී ලංකා මුදල් ඒකකය 60% කට වඩා පහළ බැසීම ඊට හේතුව ලෙස දක්වා තිබේ.