24 C
Colombo
Wednesday, October 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalඇඟලුම් කම්හලක ආහාර විෂවීමෙන් සේවකයින් 325ක් රෝහලට

ඇඟලුම් කම්හලක ආහාර විෂවීමෙන් සේවකයින් 325ක් රෝහලට

කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ පිහිටි ඇගලුම් කම්හලක සේවක සේවිකාවන් 325 දෙනෙක් ආහාර විෂවීමක් හේතුවෙන් රෝහලගත කර තිබේ.

ඔවුන් අද (20) උදෑසන ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා පවසයි.

රෝහල්ගත කළ පුද්ගලයින්ගෙන් 16 දෙනෙක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත් වමනය, බඩේ රුදාව, ඇගපත වේදනාව යන රෝග ලක්ෂණ හේතුවෙන් එම ඇගලුම් කම්හලේ සේවක සේවිකාවන් ප්‍රතිකාර සඳහා රෝහල්ගතකොට ඇති බවත් රෝහල් අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කරයි.