28 C
Colombo
Wednesday, September 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන බවුසර්වලට හානි කරන්න එපා - පොලීසිය

ඉන්ධන බවුසර්වලට හානි කරන්න එපා – පොලීසිය

ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් රථ අවහිර කිරීම සහ ඒවාට අලාභ හානි කිරීමෙන් වළකින ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ඉන්ධන සැපයීම අඩපණ වූවහොත් අත්‍යවශ්‍ය ඖෂධ ආහාර සහ අනෙකුත් සැපයුම් ජාලද අක්‍රීය වීමට ඉඩ ඇති බවයි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් රෝහණ,

“අද දිනයේත් එම ලැබෙන ඉන්ධන තොග ප්‍රවාහනය කිරීමේ කටයුතු සාමන්‍ය පරිදි සිදු කරන බවට අදාළ බලධාරීන් විසින් දැනුම් දී තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මහජනතාවගෙන්, ඉන්ධන ප්‍රවාහනය කරනු ලබන බවුසර් ඒ වගේ ම අනෙකුත් වාහනවලට අවහිර කිරීමෙන් හෝ අලභහානි කිරීමෙන් වළකින ලෙසට සාමකාමි උද්ඝෝෂණවල නිරිත වන පිරිස්වලින් කාරුණිකව ඉල්ලා සිටිනවා.”