27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalමන්නාරම් කොටුවෙන් මිලියන 20ක කේරළ ගංජා තොගයක්

මන්නාරම් කොටුවෙන් මිලියන 20ක කේරළ ගංජා තොගයක්

මන්නාරම වැලිපර ආශ්‍රිත මුහුදු තීරයේදී නාවික හමුදාව විසින් සිදුකළ මෙහෙයුමකදී කේරළ ගංජා තොගයක් සොයාගෙන තිබේ.

මෙම කේරළ ගංජා තොගය රුපියල් මිලියන 20ක පමණ වටිනාකමකින් යුක්ත බව නාවික හමුදාව ප්‍රකාශ කරයි.

එහිදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 81යි ග්‍රෑම් 220ක තොගයක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර වැලිපරයක තිබූ සැකකටයුතු ගෝනි උරයක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කිරීමේදී මෙම කේරළ ගංජා තොගය සොයාගෙන ඇත.

මෙම කේරළ ගංජා තොගය පාර්සල් 25ක් ලෙස එම ගෝනි උරය තුළ අසුරා තිබී ඇත.
හදිසි සෝදිසි මෙහෙයුම් හමුවේ මෙම කේරළ ගංජා සහිත උරය මෙහි අතහැර දමා පළා යන්නට ඇති බවට නාවික හමුදාව සැක පළකරයි.

මෙම කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා නාවික හමුදා භාරයේ රඳවා තබා ඇත.