― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalරඹුක්කන සිදුවීම ගැන පොලිස් ඇමතිගේ හරි අපූරු පැහැදිලි කිරීම මෙන්න

රඹුක්කන සිදුවීම ගැන පොලිස් ඇමතිගේ හරි අපූරු පැහැදිලි කිරීම මෙන්න

මහජන ආරක්ෂක ඇමති ප්‍රසන්න රණතුංග රඹුක්කන සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මෙලෙස අදහස් පලකළා.

ඊයේ ඇතිවුණු සිද්ධිය සම්බන්ධයෙන් මගේ කණගාටුව ප්‍රකාශ කරනවා.
සිද්ධියෙන් මියගිය අයටත් තුවාල ලැබූ අයටත් අපේ කණගාටුව පළකරනවා.
තුවාල ලැබූ අයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
නීතිය හා සාමය ආරක්ෂක කරන්න ගිය පොලිස් නිලධාරීන්ටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
සාමාන්‍ය ජනතාවටත් අපේ කණගාටුව.
මම ඊයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස වැඩ බාරගත්තා.
මම ඊයේ කාර්යබහුල වුණා.
මේ සිද්ධිය ගැන පොලිස්පතිතුමා පැහැදිලි කිරීමක් කළා.
පසුගිය කාලේ පුරාම උද්ඝෝෂණ ක්‍රියාත්මක වුණා.
අපි මේවා පිළිගන්න රජයක්.
අපි වගකිව යුතු ආණ්ඩුවක්.
පොලිසිය ඉතාමත් කැපවීමෙන් ඉවසීමෙන් කටයුතු කළා.
සාමාන්‍ය ජනතාවගේ දෛනික කටයුතු යාම සඳහා උපරිම සහයෝගය ලබාදුන්නා..
අපි දැක්කා ජනතා විමුක්ති පෙරමුණ බස් රථ මගින් ජනතාව ගෙන්වා පෙළපාලියක් ගියා.
සමගි ජන බලවේගයට සම්බන්ධ පුද්ගලයින්ද මුල්වී තිබෙනවා.
ඊයේ පැවති උද්ඝෝෂණවලදී බස් රථ යොදාගෙන පාරවල් අවහිර කෙරුණා.
රඹුක්කන සිද්ධියත් එවැන්නක්.
රට පත්වෙලා තියෙන තත්ත්වයට මෙවට අනුබල දුන් අය වගකියන්න ඕනේ.
පොලිසිය මේක පාලනය කරන්න හැකි ක්‍රියාමාර්ග ගත්තා.
පැය 10 ක් බස් රථ නතර කළා.
මේ කලහකාරීන් ත්‍රීවීල් රථවලට ගිනි තිබ්බා.
බවුසරයකට ගිනි තියන්න උත්සහ කළා.
පොලිසියට තියනබලතල අනුව පොලිසියට ක්‍රියා කළා.
පොලිසිය කටයුතු කළේ පොලිස් නියෝගවලට අනුවයි.
පොලිසියට මේ සඳහා බලතල තියෙනවා.
ඒ පොලිස් පරීක්ෂකවරයාට මේ තීන්දුව ගතහැකියි.
ගරු කථානායකතුමනි ඊයේ පොලිස්පති සහ අමාත්‍යාංශ ලේකම්වරයා කළ ප්‍රකාශය සභාගත කරනවා.
මේ සිද්ධිය විමර්ශනය කරන්න අවිස්සාවෙල්ලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් පිරිසක් පත්කරලා ඉන්නවා.
මේ සිද්ධිය පිළිබදව ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න කියලා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලීමක් කළා.
අපි ඉතා වගකීමෙන් කියන්නේ මේ රටේ ජනතාව ආරක්ෂා කරන්න බැදී ඉන්නවා.
මූලාසන කථානායකතුමනි ඔබතුමා දන්නවා ජනාධිපතිතුමාගේ නිවසට ගහපු අවස්ථාවේ ඉදන් පොලිසිය ඉවසීමෙන් නීත්‍යානුකූලව කටයුතු කළා.
හැබැයි මම කණගාටුවනවා අද මේ කෑගහන අයගේ දරුවෝ යන්නේ නෑ මේ අය.
ඒ ගොල්ලෝ ගෙවල්වල ඉන්නවා.
මේ අය කරන වැඩ ගැන අපි කණගාටුවෙනවා.