― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඅපේ පවුලට විදේශ රටවල දේපළ තියෙනවා නම් හොයාගෙන නඩු දාන්න - නාමල්...

අපේ පවුලට විදේශ රටවල දේපළ තියෙනවා නම් හොයාගෙන නඩු දාන්න – නාමල් රාජපක්ෂ

තමන්ට හෝ තම පවුලට විදේශයක දේපළ ඇත්නම් ඒ පිළෛබඳව සොයාගෙන ඒ ඒ රටවල නඩු දමන ලෙසත් එම නඩු සඳහා පෙනී සිටීමට තමන් සූදානම් බවත් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසීය.

අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවසීය.

අපට චෝදනා බොහෝමයක් එල්ල කළා. 2015ට පෙර අපිට එල්ල වූ චෝදනා ගැන පරීක්ෂණ කළා. ඒ පරණ චෝදනා ගැන අපිට තවමත් එල්ල කරනවා.
බිට් කොයින් ගැන සාක්ෂි තියෙනවානම් අධිකරණයට යන්න. ඕනෑම පරික්ෂණයකට යන්න අපි සූදානම්. දැන් කියනවා පෝට් සිටි එක නාමල් රාජපක්ෂගේ බූදලයක් කියලා. ඉස්සර කිව්වා කොමිස් ගැහුවා කියලා.

මේ බොරු චෝදනාවලට පාර්ලිමේන්තුව යටත් කරන්න එපා. අවුරුදු 5ක් ලෝකේ වටේ ඇවිද්දා, අධිකරණයේ නඩු දැම්මා. අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කළා.
අපිට, අපේ පවුලේ අයට ලෝකයේ කොහේ හරි දේපල තියෙනවානම් ඒවා හොයන්න. ඒ රටවල නඩු දාන්න. අපි සූදානම් ඒවට මුහුණ දෙන්න.

පසුගිය අවුරුදු 12ම මම පාර්ලිමේන්තුවට මගේ වත්කම් බැරකම් දීලා තියෙනවා. මම සූදානම් විගණනය කරන්න. මම විගණනය කරලා ඒ වාර්තාවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.”